පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
නුවරඑළිය ලේඩි මැකලම් පාර අංක 95/26/A දරන ස්ථානයේ පිහිටි මෙම කාර්යාලයෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමද සිදුකරනු ලබනවා.