ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව අද බන්ධනාගාරය ගත කළා.

විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණා.

ඊට අදාළ අඩුව අද කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.