අය වැය යෝජනා ‘කල් ඇතිවම’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ?

ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත අය යැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ අනුව සකස් කර ඇති බවත්, අය වැය යෝජනා කල් ඇතිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආශිර්වාදය ඇති යෝජනා මෙවර අය වැය මගින් ඉදිරිපත් කිරීමට නියමිතය.

අය වැයෙන් පසුව රාජ්‍ය සේවය සදහා බදවා ගැනීම් කිරීමට නියමිත අතර එසේ රාජ්‍ය සේවයට විශාල වශයෙන් බදවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියක් හිමිව නැත. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු සදහා පමණක් බදවා ගැනීම් සිදුකිරීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

හෙට දිනයේදී ඉදිරිපත් වන අය වැය මගින් නව බදු පැනවීම් සිදු නොවීමට බොහෝ විට ඉඩ ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ මංගල අය වැය ඉදිරිපත් කිරීමට නියමිතය.