IMF ප්‍රසංශා කළ බවට නිවේදනයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළ බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF/WB වසර මැද සමුළුවට සමගාමීව මෙම හමුව පවත්වා තිබෙනවා.