IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවධානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව සිටින බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එහි විධායක කමිටු අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ක්‍රිස්ටලීනා ජෝජිවා එම අදහස් පළ කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ (20) අනුමැතිය ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම, දිළිඳු හා අවදානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා වර්ධන විභවයන් ශක්තිමත් කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිංස්කරණ අවශ්‍ය බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීම සඳහා උත්සහයන් අඛණ්ඩ පැවතිය යුතු බව ද ඇය සිය ප්‍රකාශය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *