අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසට තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

පසුගිය මාසයේ ඉන්දියාව සමග පවතී තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.

ඔහු සමග අදාළ සම්මානය සඳහා දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් නිර්දේශ වී සිටියා.

මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වුණා.

අයර්ලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණුලභියා වෙමින්.

එමෙන් ම එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමටත් ඇය සමත් වුණා.

එහිදී ලකුණු 19, 105ක් සහ නොදැවි ලකුණු 48ක් ලබාගත්තා.

එමෙන්ම අදාළ සම්මානය සඳහා ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් යන අයර්ලන්ත ජාතික ක්‍රීඩිකාවන් දෙදෙනා නිර්දේශ වී සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!