I.M.F දෙවෙනි වාරිකය ජනපතිගේ චීන සංචාරයෙන් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 342ක මුදල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයෙන් පසු ලැබෙන බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා ලබන 14 වැනිදා චීන සංචාරය ආරම්භ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහාය.

චීන සංචාරයේදී එම අරමුණ සාර්ථක වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි වාරිකය ලබාදීමට නියමිත බව ආණ්ඩුවේ විශ්වාසයවී තිබේ. මෙවර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දෙවැනි වාරිකය නොලැබීමට බලපෑ හේතු පිළිබදවද මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ ජනාධිපති ආර්ථික උපදේශකවරයා විසිනි.

එහිදීද ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි ණය වාරිකය කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

දෙවැනි ණය වාරිකය ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි අරමුදලේ නියෝජිතයින් පෙන්වා දුන්නේ බදු අය කරගැනීම විධිමත් නොවන බැවින් ණය වාරිකය ලබාදීම ප්‍රමාද වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *