හුළුගඟට සුපිරි ජීප් රියක් වැටේ – දෙන්නෙක් මිය ගිහින් ..අයෙක් අතුරුදන්(PHOTOS)

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.

මියගිය අය අතර කාන්තාවක සහ කොන්ත්‍රාත්කරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරීස් මහතාගේ මෙහෙය වීමෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.