Kandy කණ්ඩායම පැරදවූ Colombo කණ්ඩායමට ජය ලැබුණු හැටි

ලංකා ප්‍රිමියර් ලීග් 5 වන අදියරයේ තුන්වන තරගය ඊයේ (02) Colombo Strikers කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර පැවත්වුණු අතර එහිදී ලකුණු 51ක ජයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kandy Falcons කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළා.

එහිදී සධීර සමරවික්‍රම ලකුණු 48ක් , තිසර පෙරේරා ලකුණු 38ක් සහ Muhammad Waseem ලකුණු 32ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණයි.

ඒ අනුව Colombo Strikers කණ්ඩායම ලකුණු 51ක ජයක් අත්පත්කරගත්තා.

Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ,වනිඳු හසරංග ලකුණු 25 බැගින් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ Shadab Khan කඩුළු 4 බැගින් දවා ගත් අතර බිනුර ප්‍රනාන්දු සහ Glenn Phillips එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!