ත්‍රස්ත සබදතාවලට අත්අඩංගුවට ගැනුණු ලංකාවේ අයියා මලෝගේ ගිණුම්වලට මුදල් ලැබුණු හැටි

ISIS සංවිධානය සමග කටයුතු කළ බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිවුදෙනෙකු පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූවා.

ඔවුන් සමග සබඳතා පැවැත්වූ බවට මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට ඉන්දියාවේ සිට අවස්ථා කිහිපයකදී මුදල් බැර කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අදාළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ සිට කිසියම් පුද්ගලයෙකු මොවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඇති බවයි.

මෙලෙස බැර කරන ලද මුදල් ඔවුන්ට ලබා දී ඇත්තේ දැනට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නැමැත්තා බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ පුද්ගලයා එම මුදල් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාට ලබා දෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මාවනැල්ලේදී අත්අඩංගුවට ගැනුණු දෙදෙනා සමග මෙම සිද්ධියට සම්බන්ධ 5 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.