අද රෝහල්වල සෞඛ්‍ය වැඩ වර්ජන සිදුවන හැටි

අද (09) සිට දිවයින පුරා පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන්.

එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බව පවසනවා.

ඒ අනුව අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරනවා..

මැයි 09 උතුරු මැද පළාත,මැයි 13 මධ්‍යම පළාත,මැයි 14 සබරගමුව පළාත,මැයි 15 වයඹ පළාත,මැයි 16 දකුණු පළාත,මැයි 20 ඌව පළාත,මැයි 21 බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!