එළවළු ලොරියක් ඉන්ධන බවුසරයක ගැටී බිහිසුණු අනතුරක්

මිහින්තලය ඒ 9 මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් අද (20) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි රථයේ සහායකයයි.

තුවාල ලැබුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

මෙම එළවළු ලොරි රථය , යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී මෙම අනතුර සිදුව ආරංචි මාර්ග සදහන් කරන්නේ.

එළවලු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පලකරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!