HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර ගෞරවණීයතම ශ්‍රේණිගත කිරීමක් වන ‘LMD වඩාත්ම සම්මානිත සමාගම්’ ලැයිස්තුවේ 2024 වසර තුළ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වැඩිම සම්මාන දිනූ සමාගම වශයෙන් ඇගයීමට පාත්‍ර වී ඇත. මෙම ඇගයීම විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් වෙනුවෙන් ඇති සිය කැපවීම හරහා HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රය තුළ අත්පත් කරගෙන ඇති ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරන්නක් ලෙසින් හැඳින්විය හැකිය.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට මෙම ඇගයීම හිමි වන්නේ ඉතා මෑතකදී ෆිච් ශ්‍රේණිගත කිරීම් යටතේ සමාගමේ මූල්‍ය ශක්තිය සළකා බලා ‘A-(lka)’ සිට දක්වා ‘A (lka)’ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා දුන් පසුබිමක වීම තවත් විශේෂත්වයකි. අවදානම් කළමනාකරණ හැකියාව, මෙහෙයුම් කාර්යසාධනය සහ බාහිර අභියෝගයන් මධ්‍යයේ සාර්ථක මූල්‍ය ප්‍රථිඵල අත්පත් කරගැනීමට ඇති හැකියාව තක්සේරු කිරීමෙන් අනතුරුව ලබා දෙන මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සවිමත් මූල්‍ය ස්ථාවරය සහ සංකීර්ණ, අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් යටතේ සාර්ථකව ක්‍රියා කිරීමට ඇති හැකියාව පෙන්වා දෙන්නකි. මෙම නව ශ්‍රේණිගත කිරීම සමාගමේ නොසැලෙන ශක්තිය මෙන්ම තිරසාර දීර්ඝ කාලීන වර්ධනයට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරන නිසා ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ හවුල්කරුවන් ඇතුළු සමාගමේ සියළු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට එය හේතුසාධක වී ඇත. එමෙන්ම එය පාරිභෝගිකයින් හට විශ්වාසනීය, උසස් තත්ත්වයේ රක්ෂණ විසඳුම් ලබාදීමට HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට සතු හැකියාව ප්‍රදර්ශනය කරමින් සමාගමේ කීර්තිය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සිතුමිණි ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රය තුළ වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම වශයෙන් ඇගයීමට ලක් වීම අපට විශාල ගෞරවයක්. එමෙන්ම එය අපේ පාරිභෝගිකයින් අප කෙරෙහි තබන අති මහත් විශ්වාසයත්, එම විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් අපේ සමස්ත කණ්ඩායම දක්වන අතිමහත් කැපවීමත් මනාව පෙන්වා දෙන්නක් කියා මා සිතනවා. හැමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන, උසස්ම සේවාවක් සහ විශිෂ්ටතම නව්‍යකරණයන් සමඟ ඉදිරියට යන ගමනක තවත් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් අපි මෙම ජයග්‍රහණය සළකනවා”.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවන්ගේ සිට වෛද්‍ය, නිවාස, ගිනි, සමුද්‍ර, සංචාරක සහ ඉංජිනේරු විසඳුම් රක්ෂණ වැනි ඉතා පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබා දෙන අතරම අඛණ්ඩවම නව්‍යකරණය වෙමින් සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයට නැවුම් රක්ෂණ විසඳුම් හඳුන්වාදීමටද කටයුතු කරන සමාගමකි. ගොවීන්ගේ කාලීන අවශ්‍යතාවයන් සළකා බලා ඔවුන්ට සහය අවශ්‍යම අවස්ථාවන් වෙනුවෙන් හඳුන්වා දුන් අස්වනු සහ පශූ සම්පත් සඳහා වන පරාමිතික රක්ෂණ ක්‍රමය ඒ ආකාරයෙන් මෙරට රක්ෂණ ක්ෂේත්රය තුළ පළමු වරට හඳුන්වා දෙන ලද රක්ෂණ විසඳුමකි. මෙවැනි නව්‍යකරණයන් හරහා පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන, තිරසාරත්වය ප්‍රවර්ධනය කරන, නිවැරදි අනාගත දැක්මකින් යුත් රක්ෂණ විසඳුම් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.
වසර 2027 වනවිට ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සාමාන්‍ය රක්ෂණ සේවාව බවට පත් වීමට ඉලක්ක කරන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය නව්‍යකරණ උපාය මාර්ගයන්, මූල්‍ය ශක්තිය සහ විශිෂ්ටත්වයට ඇති නොසැලෙන කැපවීම සමඟින් සාර්ථක ඉදිරි ගමනක නියැලී සිටී. එවන් පසුබිමක ‘LMD වඩාත්ම සම්මානිත සමාගම්’ අතර සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වශයෙන් ඇගයුම් ලැබීම එම ගමනට ලැබෙන තවත් අගනා දිරිමත් කිරීමක් වශයෙන් සමාගම සළකයි.