සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞර්ෂයන් පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Great Managers Awards 2024 සම්මාන උළෙලේදී තවත් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. කොළඹ නායකත්ව ඇකඩමිය විසින් සංවිධානය කරන ලද Great Managers Awards 2024 සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සාමාජිකයින් දෙදෙනෙක් වන නියෝජිත ජාල ප්‍රධානී රුවන් වීරසිංහ සහ සහකාර කලාපීය කළමනාකරු (වයඹ) සුරංග රෝසා යන මහත්වරුන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.
Great Managers Awards 2024 සම්මාන වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයතනවලට නායකත්වය දෙන කළමනාකරුවන්ගේ නායකත්ව හැකියාවන් ඇගයීමට ලක් කරන අතර ඔවුන් තමන් යටතේ වන කණ්ඩායම් එම ආයතනවල දැක්ම හා සමපාතව, ආයතනයේ ඉලක්ක ජය ගැනීම සඳහා මෙහෙයවා ඇති ආකාරය එම ඇගයීමේදී සළකා බලනු ලබයි. CLA පුහුණු හා උපදේශන ආයතනයේ උපායමාර්ගික සහයෝගීතාවය ඇතිව සිදු කෙරෙන මෙම වැඩසටහන, ඵලදායී නායකත්වය සහ දක්ෂතාවයන් සංවර්ධනය කිරීම සඳහා ජාතික මට්ටමේ නිර්ණායක සම්පාදනය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් සිදු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසුවේ, “රුවන් සහ සුරංග ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔවුන්ට සුභපතන අතරම ඔවුන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තුළ ඉටු කරන නායකත්වයේ භූමිකාව මේ ආකාරයේ ඇගයීමට ලක්වීමට ඉතාම සුදුසු බවත් මම විශේෂයෙන් පවසා සිටිය යුතුයි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විශිෂ්ට පාරිභෝගික සේවය, නව්‍යකරණය වැනි විවිධ අංශයන් තුළ දීර්ඝකාලීනව සාර්ථක වීමට මූලිකම හේතුව වන්නේ අපේ ආයතනික සංස්කෘතිය තුළ නායකත්ව ගුණාංගයන් සංවර්ධනයට ලබා දෙන වැදගත්කමයි. ඒ නිසා අපේ සාමාජිකයින් දෙදෙනෙකුගේ නායකත්ව හැකියාවන් ජාතික සම්මාන උළෙලකදී මෙලෙස ඇගයීමට පාත්‍ර වීම සමස්ත ආයතනයම ලැබූ ඇගයීමක්”.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙලෙස Great Managers Awards 2024 ජාතික සම්මාන උළෙලේදී ගෞවරයට පාත්‍ර වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සමාගම වශයෙන් LMD සම්මානිත සමාගම් ලැයිස්තුවේ මුල් තැනට තේරී පත්වන අතරම, Fitch Rating විසින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මූල්‍ය ශක්තිය, මෙහෙයුම් ස්ථාවරත්වය සහ වෙළඳපොළ ප්‍රමුඛස්ථානය තහවුරු කරමින් ‘A(lka)’ ශ්‍රේණිය දක්වා සමාගම උසස් කර තිබූ අවස්ථාවකදී වීම විශේෂත්වයකි.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෝටර් සහ මෝටර් නොවන රක්ෂණයන්ගේ සිට වෛද්‍ය, නිවාස, ගිනි, සමුද්‍ර, සංචාරක සහ ඉංජිනේරු රක්ෂණ වැනි පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් මෙන්ම අස්වනු සහ පශූ සම්පත් සඳහා වන පරාමිතික රක්ෂණය වැනි නව රක්ෂණ විසඳුම්ද හඳුන්වාදීමටද කටයුතු කර ඇති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. වසර 2027 වනවිට ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සාමාන්‍ය රක්ෂණ සේවාව බවට පත් වීමට ඉලක්ක කරන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් නිෂ්පාදන, මානව සම්පත, පාර්ශවකරුවන්ගේ විශ්වාසය වර්ධනය වෙනුවෙන් අඛණ්ඩවම ආයෝජනය කරමින්, නොසැලෙන කැපවීමෙන් සාර්ථක ඉදිරි ගමනක නියැලීමට අපේක්ෂා කරයි.