විපක්ෂයේ කාර්යභාරය වී ඇත්තේ රටේ ජනතාවට කොමඩි සැපයීම

විපක්ෂයේ කාර්යභාරය වී ඇත්තේ රටේ ජනතාවට කොමඩි සැපයීම යැයි අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය.

එහිදී අදහස් දැක්වූ අගමැතිනි හරිනි අමරසූරිය මෙසේද පැවසුවා

මේ පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ සිට විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා මම කල්පනා කළා. විපක්ෂය මොන අරමුණකින් කතා කරනවාද, මොකක්ද ඒ අයගේ සැලැස්ම කියලා තේරුම් ගන්න උත්සාහ ගත්තා.

අද මම ඒක පැහැදිළිව තේරුම් ගත්තා. අද විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ රටේ ජනතාවට කොමඩි සපයන්න.

කිසිම බරපතලක් නැති, පරිවර්තීනය වෙනස් සිදුවෙන විට ආණ්ඩුවකටවත් රජයේ නිලධාරින්ටවත් තනියම කරන්න බෑ. ඒකට ජනතාවගේ සහාය අවශ්‍යයි. ජනතාව තුළ සංවාදයක් අවශ්‍ය වෙනවා, ඒ පරිවර්තනය ගැන. අපේ ආණ්ඩුව කියන්නේ ජනතාවදී ආණ්ඩුවක්. ජනතා විරෝධී ආණ්ඩුවල හිටපු අයට අතිශයින් පුද්ගලික න්‍යායපත්‍රයන් වෙනුවෙන් කටයුතු කරපු ආණ්ඩුවල සිටි අයට ඒක තේරුම් ගැන්න බැරිවීම ගැන මම පුදුම ඩෙන්නේ නෑ.