වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයට

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 175.5ක අගයක් අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම වැසි හේතුවෙන් කොළොන්නාව, වැල්ලම්පිටිය , කැලණිමුල්ල මෙන්ම අඹතලේ , ගල්වාන සහ මල්වාන නගරයන් ද ජලයෙන් යටව තිබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවූ අතර හංවැල්ල ජල මාපකයේ ජල මට්ටමද මීටර්. 8.8 දක්වා ඉහළ ගියා.

බද්දේගම ප්‍රදේශයේ ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර කළුතර – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වුණා.