ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබා ගත නොහැකි බව තේරුම් ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ චමල් රාජපක්ෂ මහතා සහ, ඩී. බී. චානක මහතා සිටින බව වාර්තා වනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩී. බී. චානකට සහය දක්වන විශාල පිරිසක් සිටිනවා.
ඒ හේතුවෙන් ඔහුට ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි නිසා නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේන් අතහැර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේ ඩී. බී. චානක මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට දාන්න නාමල් රාජපක්ෂ මහතා උත්සාහ කර තිබූ බවත් වාර්තා වුණා.
නමුත් ඩී. බී. චානක මහතා ඊට කැමැත්තක් දක්වා නැහැ.
එම හේතුව නිසාම නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර අනුරාධපුරය තෝරා ගනු ලැබූ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.