ශ්රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා.
එංගලන්ත ක්රිකට් තේරීම් කමිටුව විසින් ප්රකාශයට පත්කළ 14 දෙනෙකු සිටින මෙම සංචිතයෙන් ආරම්භක පිතිකරු සැක් ක්රෝලි ඉවත්කර තිබෙනවා.
ඔහුව එලෙස ඉවත් කර ඇත්තේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නිමා වූ තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේදී ක්රෝලිගේ දකුණු අතේ ඇඟිල්ලක් අස්ථි බිඳීමකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ශ්රී ලංකා තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ අනුව ක්රෝලිගෙන් පුරාප්පාඩු වන ස්ථානයට නවක පිතිකරුවෙකු වන 23 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් කැඳවා තිබෙනවා.
ඔහුව එංගලන්ත ටෙස්ට් සංචිතයකට කැඳවූ පළමු අවස්ථාවද මෙය වනවා.
තරග තුනකින් සමන්විත ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වෙනවා.
පහතින් දැක්වෙන්නේ ශ්රී ලංකා තරගාවලිය සඳහා නම්කළ එංගලන්ත සංචිතයයි.
බෙන් ස්ටෝක්ස් (නායක), ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බෘක්, ජෝර්ඩන් කොක්ස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප්, මැතිව් පොට්ස්, ජෝ රූට්, ජේමී ස්මිත්, ඔලී ස්ටෝන්, ක්රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.