එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්රකාශයට පත්කරන දිනය මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම පවසන්නේ තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024 වසරේ අගෝස්තු මස 26 වන දා සිදුකරන බවයි.
තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදායි.
මේ අතර තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දිනයන් දෙක වෙන්කර දී තිබෙනවා.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනයන් දෙක වෙන්කර තිබෙනවා.