සෞඛ්‍ය වෘත්තිකයන් නැවතත් අඛණ්ඩ වර්ජනයේ

මැයි මස 09 වෙනිදා සිට සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණු නමුත් පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දැමුවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතයි.

නමුත් මේ වනතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මැයි 09 වෙනිදා උතුරු මැද පළාත, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සබරගමුව පළාත, මැයි 15 වෙනිදා වයඹ පළාත, මැයි 16 වෙනිදා දකුණු පළාත, මැයි 20 වෙනිදා ඌව පළාත සහ මැයි 21 වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!