සජබට සහය දක්වන්න හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න එක්වෙයි

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ඒ මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

තිලකරත්න මහතාට අමතරව ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිණිය වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා.