හිරේ ඉන්න ආගමන විගමන පාලක උසාවියේදී නම් එක්කම කියයි(VIDEO)


ස්වාමීනී, අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා. “

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ (01) කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගනිමින් මේ බව සඳහන් කළා.