තායිපේ සිටි කප් බොක්සිං තර­ගා­ව­ලි­යට සහ­භාගි වී පදක්කම් දිනූ අපේ බොක්සිං හපන්නු දිවයිනට

තායිපේ සිටි කප් ජාත්‍ය­න්තර බොක්සිං තර­ගා­ව­ලි­යට සහ­භාගි වූ ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩ­කයෝ එහිදී රන් පද­ක්කම් 2ක්, රිදී පද­ක්ක­මක් සහ ලෝකඩ පද­ක්කම් 2ක් දිනා­ගෙන පෙරේදා (27) රාත්‍රියේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළට පැමිණියා.

මේ තර­ගා­ව­ලිය ඉකුත් 22 දින සිට 25 දින දක්වා තායි­වා­නයේ තායිපේ නුවර ප්‍රථම වතා­වට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධා­නය කර තිබූ අතර, ඒ සඳහා රට­වල් 8ක යොවුන් බොක්සිං ක්‍රීඩ­කයෝ සහ­භාගි වී සිටියා.

එහිදී කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ තෙනු­වන් මීගල්ල සහ මහ­නු­වර විද්‍යාර්ථ විද්‍යා­ලයේ එච්.එම්.පී.ඩී. හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩ­ක­යන් දෙදෙනා රන් පද­ක්කම් 2ක් දිනා­ගැ­නී­මට සමත් වී තිබුණා.

එසේම කොළඹ සහිරා විද්‍යා­ලයේ තුෂාල් ආසිල් මේ තර­ගා­ව­ලි­යට සහ­භාගි වී රිදී පද­ක්ක­මක් දිනා­ගත්තා.

ඊට අම­ත­රව පැල්ම­ඬුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යා­ලයේ රවිඳු ජීවන්ත සහ වේය­න්ගොඩ ජනා­ධි­පති ජාතික විද්‍යා­ලයේ මවිඳු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩ­ක­යන් දෙදෙනා ලෝකඩ පද­ක්කම් 2ක් දිනා­ගැ­නී­මට සමත් වුණා.

එසේම මේ තර­ගා­ව­ලියේ හොඳම විනි­සු­රු­ව­රයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුග­ත­දාස මහතා සම්මා­න­යට පාත්‍ර වුණා.

රටට කීර්ති­යක් ගෙන පෙරළා පැමිණි මේ පිරිස පිළි­ගැ­නී­මට ශ්‍රී ලංකා බොක්සිං සම්මේ­ල­නයේ නිල­ධා­රීන් මෙන්ම මේ යොවුන් බොක්සිං ක්‍රීඩ­ක­යන්ගේ පාස­ල්වල විදු­හ­ල්ප­ති­ව­රුන්, ගුරු­භ­ව­තුන් සහ ඔවුන්ගේ මවු­පි­යන් ඇතුළු පිරි­සක් කටු­නා­යක ගුවන් තොටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තය වෙත පැමිණ සිටියා.