ඉන්දියාවේ මුදල් ඇමතිට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් සුබ පැතුමක්

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අතර හමුවක් ඊයේ (12) නවදිල්ලි නුවදී පැවැත්වුණා.

එහිදී නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක්කිරීමට කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ඇය එහිදී සඳහන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.