ඌවේ ආණ්ඩුකාර මුසම්මිල් ධුරයෙන් ඉවත් වී සජිත්ට සහය පළකරයි

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

කෙසේවෙතත් මුසම්මිල් මහතා එම ලිපියේ තමා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.