‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ මහමොළකරු වු ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් ඉතාලියේ සිට ඊට අදාළ සියල්ල මෙහෙයවා ඇතැයි බුද්ධි අංශ හෙළිිකරගෙන තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පොලිසිය විසින් සැකකරු බවට නම් කළ මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන් නොවන බව එම පුද්ගලයාගේ නෑදෑයන් අධිකරණයට සඳහන් කර තිබුණා.
ගනේමුල්ලේ සංජීවගේ ඝාතන සැකකරු ලෙස මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන්ගේ නම සඳහන් කිරීමෙන් තම සේවාදායකයාට සහ පවුලේ අයට අගතියක් වී ඇති බව පවසමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20 වැනිදා) එම පාර්ශ්වයෙන් මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු පහතින් නැරඹිය හැකියි.