ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ තුවක්කුකරු අධිකරණය තුළට පිස්තෝලය ගෙනවිත් ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ සගවාගෙන බව අනාවරණය වේ.
අපරාධ නඩු විධාන සංග්‍රය විශාල පොතක් වන අතර එම පොතේ පිටු පිටු පිස්තෝලයේ හැඩයට කපා ඒ තුළ පිස්තෝලය සගවාගෙන පැමිණ තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය ගනේමුල්ල සංජීව බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට රැගෙන විත් තිබේ. අධිකරණයේදී නඩුව කැදවූ අවස්ථාවේදී ඔහු විත්තු කුඩුවට නැග තිබේ.
ඔහු විත්තු කූඩුවට නගිනවාත් සමගම සැකකරු අධිකරණයට රැගෙන ආවේ මන්දැයි විනිසුරුවරයා විමසා ඇත.
ඒ සමගම ක්‍රියාත්මක වූ තුවක්කුකරු ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා පලා ගොස් තිබේ.
ඔහු නීතීඥයෙක් ලෙස අනෙකුත් නීතීඥයින් සමග එකට අසුන්ගෙන සිට ඇති බවද වාර්තා වේ.