ගනේමුල්ලේ සංජීවගේ ඝාතකයා අධිකරණ සංකීර්ණය වෙත සාමාන්‍ය ලිපි කවරයක් පමණක් බව අධිකරණ සංකීර්ණයේ සිටි ඇසින් දුටු පුද්ගලයෝ පවසති.
මෙම පුද්ගලයා වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය සහිත අපරාධ නඩු විධාන සංග්‍රහය ඔහු අධිකරණ සංකීර්ණයට පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ අතේ තිබී නැති බවද වාර්තාවේ.
ඒ අනුව වෙනත් පුද්ගලයෙක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සැගවූ ආයුධය අධිකරණ සංකීර්ණයට රැගෙන එන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක කරයි.
වෙඩි තැබූ පුද්ගලයා අධිකරණ සංකීර්ණයට පැමිණෙන සී.සී.ටී.වී. දර්ශන මේ වන විට නිකුත් වී තිබෙන අතර ඔහු සැහැල්ලුවෙන් ලිපි කවරයක් පමණක් රැගෙන පැමිණෙන දර්ශන එහි පැහැදිළිව දක්නට ලැබේ.