අලුත්කඩේ වෙඩිතැබීමක් – ගනේමුල්ල සංජිව මරුට

අලුත්කඩේ අධිකරණ භූමිය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති අතර ගනේමුල්ල සංජිව එහිදී මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.