තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති අතර එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ නියැලෙස බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.