ISIS සාමාජිකයන් බවට සැකපිට ලාංකිකයන් හතරක් අත්අඩංගුවට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) අහමදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ පරීක්ෂාවකදී ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මෙම සිව්දෙනා ගුජරාට ත්‍රස්ත විරෝධී බළකාය විසින් ඉදිරි ප්‍රශ්න කිරීම් සඳහා රහසිගත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලට වාර්තා කරනවා.

ඔවුන් එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි හේතුව කුමක්ද යන්න පිළිබඳවත් මෙතෙක් අනාවරණය වී නැහැ..

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයේ තරග සඳහා කණ්ඩායම් තුනක් එම ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණු අවස්ථාවේදී මෙම සිව් දෙනා එම ගුවන් තොටුපොළට පැමිණීමේ කිසියම් සම්බන්ධතාවක් පවතින බවයි.

පසුගිය මැයි 12 වැනිදාත් එම ගුවන් තොටුපොළට බෝම්බ තර්ජනයක් එල්ල වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!