ෆොන්සේකා සජබ කඩයි – කට්ටියක් ගලවාගෙනම එළියට එන සැලසුම මෙන්න

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තීරණය කර ඇති පුවතක් දිනපතා පළවන ඉංග්‍රීසි පුවත්පතක් අද (22) වාර්තා කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ සහායද ඔහුට හිමිව ඇති බව එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වනවා.

යුද්ධය පිළිබදව කෘතියක් එළිදැක්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බලාපොරොත්තුවෙන් සිටින බවත් ජනාධිපතිවරණ සටන එතැනින් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!