දකුණු ජර්මනියේ ගංවතුරෙන් 4ක් මරුට

දින ගණනාවක් පුරා අඛණ්ඩව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව දකුණු ජර්මනියේ සිවුදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණු ජර්මනියේ බවේරියා සහ බේඩන් නගර වැසියන් දහස් ගණනකට ඔවුන්ගේ නිවාසවලින් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ජර්මනියේ චාන්සල්වරයා වන ඔලේෆ් ෂූල්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවත් දරුණු වීමට ඉඩ ඇති බවයි.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ජර්මනියේ පොලිසිය සහ හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, දකුණු සහ නැගෙනහිර ජර්මනියට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බව එරට කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!