බංග්ලාදේශයට ගංවතුරින් පීඩා

බංග්ලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 11ක් ගංවතුරින් යටව පවතින අතර මිලියන 1.5 ක පමණ ජනතාවක් වාසය කරන ෆෙනී නගරයේ විශාල ප්‍රදේශයක් මේ වනවිට ගංවතුරින් යටව පවතිනවා.

පසුගිය බදාදා දින සිට මෙම ගංවතුර තත්ත්වය පවතින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංගා අශ්‍රිතව තම ජීවන කටයුතු පවත්වාගෙන යන මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ වනවිට දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ දුම්බූර් වේල්ලෙන් කිසිඳු දැනුම් දීමකින් තොරව ජලය මුදා හැරීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වූ බවටයි බංග්ලාදේශයේ වැසියන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් පැවති අධික වර්ෂාව හේතුවෙන් වේල්ල විවෘත කිරීමට සිදු වූ බවට ඉන්දියාව පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.