පසුගිය ශිෂත්වය විභාගය ආපසු පවත්වයිද? අවසන් තීරණය අද

ගැටළුකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වුවත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වනු ඇති බව වාර්තා වනවා.

එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වන අතර මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බව කියා සිටියා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිඵලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවා තිබුණා