හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් පමණක් යොදවනු ඇති.
මෙලෙස ඉවත් කරන හමුදා සාමාජිකයන් ඈත ප්රදේශවල කඳවුරුවලට අනියුක්ත කරන බවයි මේ වන විට වාර්තා වන්නේ.
මීට පෙර ඉවත් කළ පොලිස් නිලධාරීන්ට තමන්ට ලඟම පොලිසියේ රාජකාරි සඳහා අවස්ථාව හිමිවූ අතර එසේ නොවුනහොත් අභියාචනා කිරීමේ අවස්ථාව ද හිමිවුණා.
එහෙත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්රිවිධ හමුදා සාමාජිකයින්ට එම අවස්ථාව ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.