පසුගිය කාලයක් පුරා දේශපාලන අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම නිසා ආදිවාසී ජනතාවද ණය-පොළී උගුලක සිර වී සිටින බව පෙන්වා දී තිබේ.
‘ඉරිදා දිවයින` පුවත් පත පළ කර තිබෙන ‘කොම්පැනිවලින් ණය අරන් ජීවිතේ උකසට තිබ්බ මිනිස්සු
` යන සිරස්තලයෙන් පළ කර තිබෙන ලිපියේ මේ බව සඳහන් කර තිබේ. “ඌරු වරිගේ නායක වන්නිලැ ඇත්තන් පවා තම රැහේ උදවිය අද වන විට පත්ව සිටින ණය උගුල පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබිණි” යනුවෙන් එහි සඳහන් ය.
එහි වැඩි දුරටත් ආදිවාසී නායකයා සඳහන් කර තිබෙන්නේ “දැන් ආදිවාසී ජනතාව බියගන්වා කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් සින්න කරගෙන තිබෙනවා. මේ පිළිබඳව කොතෙක් සාකච්ඡා කළත්, තවමත් විසැඳුමක් ලැබී නැහැ. අද වන විට තමන්ගේ කුඹුරු ඉඩම්වල ම අපේ ජනතාවට කුළීකාරයන් වීමට සිදු වෙලා” යනුවෙනි