වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියා -ශ්‍රී ලංකා තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන දුෂ්මන්ත චමීර හට ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය අහිමිවී තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ලබන ජුලි මස 27,28 සහ 29 යන දිනයන්වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙදී ආරම්භ වනවා.

එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!