සුරාබදු නිලධාරීන් කඩවතදී ෆේස්බුක් සාදයක් වටලයි – 14ක් අත්අඩංගුවට

ඊයේ (16) ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් පිරිසක් දියත්කළ මෙහෙයුමකදී ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ෆේස්බුක් සාදය පවත්වා තිබුණේ කඩවත නගරයේ හෝටලයකයි.

මෙම සාදයට ප්‍රදේශ රැසක තරුණයන් හා තරුණියන් එක්ව සිටි බව සඳහන් වනවා.

එම සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදීයි අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර වන බව සුරාබදු නිලධාරීන් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!