ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයන් වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංග්ලාදේශයේ සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව වාර්තා වනවා.
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තව දුරටත් ක්‍රීඩා කරන බව මැතිව්ස් සඳහන් කරනවා.
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට මෙය හොඳම අවස්ථාව බව ද සඳහන් කළේය.
37 වැනි වියේ පසුවන මැතිව්ස් ටෙස්ට් තරග 118 කදී, එක්දින තරග 226 කදී සහ විස්සයි20 තරග 90 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.
බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙසද්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.