උතුරේ හදපු සුරුට්ටුවේ රස දකුණේ මිනිසුන්ගේ රසට හරියට ගැළපුනා -ඇමති මනුෂ

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන ‘’ජයගමු ශ්‍රී ලංකා”වැඩසටහන අද (12) කිලිනොච්චිය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.

මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාවී සිටීම දැකගත හැකිවුණා.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ වේදිකාවට ගොඩවුණු මනුෂ නානායක්කාර මහතා එහිදී අදහස් පළකලා.

ඒ මහතා පැවසුවේ,

”ඉතිහාසයේ සිටි දේශපාලඥයන් විසින් උතුරත් දකුණත් බෙදීමට කටයුතු කළා .ඉස්සර කිලිනොච්චියට ඇවිත් බිස්නස් කරේ ගාල්ල මාතර මිනිස්සු .මාතරේ බත් කඩ යාපනේ තිබුණා .යාපනේ හදපු සුරුට්ටු මාතර මිනිස්සු රස කර කර බිව්වා .දකුණේ මිනිස්සුන්ගේ සුරුට්ටුවට ඕනි රස යාපනේ මිනිස්සු දැනගෙන හිටියා .දකුණට ගැළපෙන්න සුරුට්ටු ඔතන්න යාපනේ මිනිස්සු දැනගෙන හිටියා,ඒ තමයි දකුණේ රසය,දකුණේ හදවත් යාපනේ මිනිස්සු දැනගෙන හිටපු විදිහ.

සාගර පලන්සූරිය කියලා අපේ පාර්ලිමේන්තුවට ආපු කවියෙක් හිටියා .ඒ කවියා උතුරෙන් කියලා කවි පන්තියක් ලියනවා .ඒ කවියේ කියනවා සුරුට්ටුවට එක්වී උතුරේ ඔතන බේදය පිලිස්සී හමුවේවා කියලා ,සුරුට්ටුවකින් වුණත් කොයිතරම් හොද පණිවුඩයක් දෙන්න පුලුවන්ද කියන එකයි මේ කවියේ අදහස වෙන්නේ .ජාතික සමගිය සඳහා වූ ලකුණ තමයි දකුණ කියන්නේ ,එතැනදී ඔතන සුරුට්ටුවට ජාති බේදය පිලිස්සිලා යන්න සහ යම්කිසි කෙනෙක් මිනිසා වෙන් කරන බේද බැදලා තියෙනවා ඒ බැමි කඩලා උතුරත් දකුණත් යා කරමු ,උතුරත් දකුණත් අර පාලමක් හදමු කියලයි ඒ කවියෙන් කියන්නේ.

දුවලා පුතාලගේ අම්මා තාත්තා පිටරට ඉදන් ලංකාවට සල්ලි එවද්දී සල්ලි එවන්න එපා කියන දකුණේ දේශපාලඥයෝ උන්ඩියල් වලින් වැඩි වැඩි සල්ලි එවන්න පුළුවන්කම තියෙද්දී මේ අපේ උතුරේ ජනතාවත් අපේ රටට ඩොලර් බිලියන 12 ක් එවලා ඒ විඳපු දුක ඉවර කරන්න ඩොලර් මිලියන 12ක් වත් හොයාගන්න විදිහක් තිබිච්ච නැති රටට බිලියන 12ක් එවලා අපි නැවත තෙල් බෙහෙත් ගහන ආර්ථිකේ හදන්න උදවු කරපු අපේ මේ අම්මලා තාත්තලා දරුවෝ සියලු දෙනාටම ,විගමනික ප්‍රජාව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්තුති පළකරනවා”.