එළැඹෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට පැමිණ තිබෙනවා.
මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද දිවයිනට පැමිණීමට නියමිතව සඳහන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරීක්ෂණයට අවසරය ලබාදුන් බවයි.
ඉන්දියාව,නේපාලය,බංග්ලාදේශය, පාකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල මැතිවරණ නිරීක්ෂණ සංගම් සහ නියෝජිතයන් ද මැතිවරණ නිරීක්ෂණය සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
අවසර ලබා ගන්නා ආයතන සහ නියෝජිතයන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුයි.