2025 ජුලි, කොළඹ – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) සහ Good Life X සමාගමේ ප්‍රමුඛ වැඩසටහනක්වන The Routes We Take වැඩසටහන, දිවයින පුරා ප්‍රදේශවල තිරසර නිර්මාණ ප්‍රචලිත කිරීම සඳහා 2025 වසරේදී කොළඹින් පිටතට ව්‍යාප්ත කෙරේ. එය අදියර හතරකින් දියත් කෙරෙන අතර, පළමු අදියර ජුලි මස 25 සහ 26 යන දෙදින මහනුවර “කරළිය” සම්මේලන සහ රංග කලා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. සංස්කෘතික කටයුතු සඳහා ජනතා සහභාගිත්වය විමධ්‍යගත කරන අතරම, නිර්මාණාත්මක කලාව හරහා පාරිසරික දැනුවත් භාවය සහ නිර්මාණාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
2024 වසරේදී නිර්මාණාත්මක තිරසර සිතියමක් සහ ප්‍රදර්ශනයක් සමගින් ජනගත කෙරුණු මෙම ව්‍යාපෘතිය, මෙම වසරේ ජුලි සිට ඔක්තෝබර් අතර මහනුවර, යාපනය, මඩකළපුව සහ ගාල්ල යන ප්‍රධාන කළාප දක්වා ගමන් කිරීමට නියමිතය. බිම් මට්ටමේ නිර්මාණ ජාලය ශක්තිමත් කිරීමටත්, තිරසාරත්වය දක්වා යන ගමනේදී මෙරට ප්‍රාදේශීය ජනතාවගේ හඬ සවිබල ගැන්වීමටත් EUNIC සහ දේශීය හවුල්කරුවන් දක්වන අඛණ්ඩ කැපවීම, මෙම ව්‍යාපෘතිය නැවුම් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම තුළින් මනාව පිළිබිඹු වේ. Good Life X සමාගම සමග දේශීය හවුල්කරු ලෙස, අන්තර්-ක්ෂේත්‍ර සාමූහිකයක්වන Rhizome සමග අත්වැල් බැඳගනිමින්, ‘Beyond Rhizome’ සෞන්දර්ය ගවේෂණයේ මහනුවර වැඩසටහන දියත් කිරීමට ද කටයුතු යොදා ඇත. ප්‍රදේශයේ ප්‍රජාව, කතිකාව සහ පර්යේෂණ හරහා ජනතාවගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කරමින් මෙම දින දෙකක වැඩසටහන පැවැත්වීමට නියමිතය.
“විශේෂයෙන් සැලසුම් කළ ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් සහ ධාරිතා සංවර්ධන වැඩමුළු ඇතුළත් ප්‍රාදේශීය වැඩසටහන් මාලාව, සංස්කෘතික සහ ප්‍රජා-මූලික නවෝත්පාදනය තුළින් පාරිසරික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම හැක්කේ කෙසේද යන්න හඳුනා ගැනීම සඳහා නිර්මාණකරුවන්, ක්රියාකාරිකයන් සහ මහජනතාවට ආරාධනාකර සිටිනවා. 2025 වසරේදී, The Routes we Take වැඩසටහන, මහනුවර (ජුලි 25-26), යාපනය (අගෝස්තු 29-30), මඩකළපුව (සැප්තැම්බර් 12-13) සහ ගාල්ල (ඔක්තෝබර්) යන ප්‍රදේශ දක්වා ගෙන යාමට අප කටයුතු කරනවා,” යනුවෙන් GLX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ව්‍යාපෘති අධ්යක්ෂ, එමා ද සිල්වා සඳහන් කළාය.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින්, එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන Rhizome ව්‍යාපාරයේ තාරක ගුණසේකර සඳහන් කළේ, “The Routes We Take සහ Rhizome ව්‍යාපාරය එක්ව අන්තර්-සංස්කෘතික කතිකාවක්, පර්යේෂණාත්මක ප්‍රකාශනයක් සහ ප්‍රජා-මූලික පරිවර්තනයක් සඳහා වේදිකාවක් ගොඩ නගනවා. පාරිසරික සහ නිර්මාණ යන අංශ දෙක එක්ව කටයුතු කරන ආකාරය දැකගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට මේ සඳහා එක්වන ලෙස අප ආරාධනා කරනවා,” යනුවෙනි.
ජුලි මස 25 සහ 26 යන සති අන්තයේ පැවැත්වෙන වැඩසටහනේදී, තිරසාරත්වය පාදකකර ගත් දින දෙකක මහජන නිර්මාණ ප්‍රදර්ශනයක්, නිර්මාණකරුවන් සඳහා ධාරිතා-සංවර්ධන වැඩමුළුවක්, විවිධ ඉදිරිපත් කිරීම් සහ පර්යේෂණාත්මක සැසි, ආවර්ජනය සඳහා විවෘත සංවාද, හවුල්කාරිත්ව සහ ප්‍රතිපෝෂණය මෙන්ම නිර්මාණ ප්‍රජා තිරසර සැලසුමට එක් වීමේ අවස්ථා ද ඇතුළත් වේ.