විදේශ දූත මණ්ඩල පාලන අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කිරීමට නියමිත බව කියන සුමිත් දසනාය මහතා දූෂිත නිලධාරියෙකු බවට විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් අමාත්‍යවරයාට ලිපියකින් දැනුම් දී තිබෙනවා.
එම ලිපිය යවා ඇත්තේ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් ලෙස නිර්නාමික
විදේශ දූත මණ්ඩල බාරව දැනට සිටින දුෂිත නිලධාරියෙකු ප්‍රසන්න සම්පත් මෙන්ම මෙම පුද්ගලයා එකතුව පුද්ගලික වාසි සඳහා මෙලෙස සාකච්ඡා වී විදේශ ලේකම්වරියට බලපෑම් කරමින් මෙම පත්වීම ලබා ගන්නා බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
අදාළ ලිපිය පහතින් දැක්වෙනවා.
මේ අතර විදේශ දූත මණ්ඩල පාලන අංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න ගමගේ සම්බන්ධයෙන් ද නිර්නාමික ලිපියක් අමාත්‍යවරයාට යවා ඇති බව වාර්තා වනවා.
ඔහු පසුගිය රජයේ දේශපාලන සහ නිලධාරී බලය පාවිච්චි කරමින් කටයුතු කළ අයෙකු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
ඔහු වසර 27ක කාලයේ දී විදේශ දූත මණ්ඩල පාලන අංශය හැර වෙනත් අංශයක සේවය කර නොමැති බවද එම ලිපියේ දැක්වෙනවා.
එම ලිපිය පහතින් දැක්වෙන්නේ.