ආර්ථික ගැටලුවලට මුහුණදී සිටින ‘කාන්තාවන් හතලිස් දහසක් ‘ගණිකා වෘත්තියේ

ආර්ථික ගැටලුවලට මුහුණදී සිටින කාන්තාවන් හතලිස් දහසක් පමණ මේ වන විට ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටින බව ජාතික කාන්තා එකමුතුව සදහන් කරයි.

අන්තර්ජාලය හරහා ලිංගික සේවාවන් සපයන කාන්තාවන්ගේ සංඛ්‍යාවද මේ වන විට ඉහළ ගොස් ඇති බව එම එකමුතුව පවසයි.

පවුල් ඒකකය තුළ ආර්ථිකය බිද වැටීම නිසා කාන්තාවක් මෙම තත්වයට පත්ව තිබෙන බවද පවුල්වල දරුවෙන්ගේ තත්වයද අවදානමට ලක්ව ඇති බව ජාතික කාන්තා එකමුතුව ප්‍රකාශ කරයි. මෙම ආර්ථික අර්බුද නිසා දරුවන් මන්දපෝශණයට ගොදුරු වෙමින් සිටින බවද, මානසික ආතතියන්ට ලක්වෙමින් ඇති බවද එම එකමුතුව වැඩිදුරටත් සදහන් කරයි.