මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය තවම නෑ

මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සදහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වේ.

පොසොන් උත්සවය සදහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව පැවසුවත් මේ වන තෙක් රජය පාර්ශවයෙන් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නැත.

පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වෙන සති පිරිත ලබන පළමුවැනිදා ආරම්භ වීමට නියමිතය. එහෙත් ඒ සදහා රජය කිසිදු ප්‍රමුඛතාවයක් ලබාදී නැතැයි මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ චෝදනා කරති.

තමන් ඉවත් වී වෙනත් හිමිනමක් ඒ තනතුරට පත් කර හෝ මෙම වැඩසටහනට සහයෝගය දැක්වීමට රජය කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

පොසොන් රාජ්‍ය උත්සවය මහා ඉහළින් කරන බවට උදම් ඇනුව නමුත් මේ වන විට එක තණකොළ ගසක් ගැලවීමට හෝ කිසිදු මැදිහත් වීමක් කර නැතැයි ද ධම්මරතන හිමියෝ පොසොන් කමිටුව හමුවේ දැනුම්දී තිබේ.