ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසන් සභාව කියා සිටිනවා.
ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැන්පත් තිබුණත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබෙනවා.
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වෙනවා.