ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට ආරම්භ වුණා.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා සඳහන් කරනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිතා කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරික්ෂණ කටයුතු සදහා තම නිලධාරින් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළා.