ඇල්ල වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේදී සිදුවූ බස් රථ අනතුරින් දිවි ගලවාගත් අයෙක් පවසා ඇත්තේ අනතුරට පෙර බස් රථයේ බේ්‍රක් නැති බව රියදුරු පැවසූ බවයි. මුලදී බේ්‍රක් නැති බව කී විට බස් රථයේ ගමන් ගත් අය රියදුරට හිනා වූ බවද ඔහු පැවසුවේය.
අනතුරින් දිවි ගලවාගත් අයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ මෙවැන්නක්
“වංගුවක් ගනිද්දී බේ්‍රක් නෑ කියලා කිව්වා. මම බොනට් එක උඩ වාඩිවෙලා ඩ්‍රයිවර් එක්ක කතා කරමින් හිටියේ. කොන්දොස්තරත් හිනාවුනා. වංගුවක් ගනිද්දී බේ්‍රක් නෑ කියලා කිව්වේ. අහල පහල අයත් හිනා වෙලා බොරු කියන්න එපා කිව්වා. ඒපාර දෙවැනි වංගුව ගනිද්දිත් බේ්‍රක් නෑ කියලා එකපාරම කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බේ්‍රක් නෑ කියලා.
ඉස්සරහ වාහනයක් ආවා. ඒකේ වැදිලා තමයි පල්ලමට ගියේ. ඒ වෙලාවේ ඉවරයි කියලා හිතුවේ. සිහිය ඇවිත් ඇස් ඇරලා බලනකොට තවම ඉන්නවා. වැටිලා පැයක් විතර යනකම් සිහිය තිබුණේ නෑ.
ඊට පස්සේ පොඩි එක්කෙනෙක් කෑ ගහන සද්දයට ඇහැරුණේ. ඒ පොඩි එක්කෙනා අතින් අරගෙන නැගිටින්න බැලුවත් නැගිටින්න බෑ. බඩ ගාගෙන ගියේ. පොඩි කෙනා අතින් අරගෙන ඉක්මනට එන්න කියලා කෑ ගැහැවා. එතකොට තමයි එස්.ටී.එෆ් එකෙන් ආවෙත්”
මේ අතර අනතුරට පත්වූ අවස්ථාවට යන ගිලන් රථවලට මාර්ගයේ ඉඩ ලබා නොදීම සම්බ්න්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂත් අදහස් දක්වා තිබුණා.
ගිලන් රථ යන්නෙත් ලොකු ජීවිත අවදානමක් අරගෙන. මම බෞද්ධයෙක්, පිං සිද්ධවෙයි, වාහන අයින් කරලා ඉඩ දෙන්න. එකෙන් ඔබට කිසිම හානියක් වෙන්නේ නෑ. ඒකෙන් ජීවිතයක් ගලවාගන්න යම් ආකාරක සහායක් ලබාදුන්නා වෙනවා.
මමත් හෘදයාබාදයක් හැදිලා ඉන්න කෙනෙක්. අපි මූලික ප්‍රතිකාර දෙන්න තවත් ප්‍රමාද වුනා නම් තවත් ජීවිත හත අටක් අහිමිවෙන්න තිබුණා. වෛද්‍යවරු එකසිය පනහක් විතර එකතු වෙලා තිබුණා. දිගු සති අන්තයක් ආරම්භ වෙන දවසක වෛද්‍යවරු එකතු කරගන්න ලැබුණ එකත් ලොකු දෙයක්.