මැතිවරණ පැමිණිලි ඉහළට

ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම සටහනට අනුව දෛනිකව වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 156ක් ලෙසයි වාර්තා වන්නේ.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 17 වන්දා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 4737 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ පැමිණිලි අතරින් 4209ක් විසඳීමට කටයුතු කර ඇති අතර , තවත් පැමිණිලි 528කට අදාළව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!